අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වීරවංශ, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසකට CID විමර්ශනයක්

හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (15) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශනවලට බාධා වන අයුරින් සහ අධිකරණයට අපහාස වන පරිදි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම මෙම පරීක්ෂණයට හේතු වී තිබේ.​අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රගති වාර්තාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අසංක නවරත්න යන මහත්වරුන් සිදුකළ ප්‍රකාශ මෙන්ම සුගීෂ්වර බණ්ඩාර සහ මහින්ද පතිරණ යන අයවලුන් සම්බන්ධයෙන් ද මෙම විමර්ශනය මඟින් කරුණු සොයා බලනු ලබයි. විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාළ කරුණු සලකා බලා මෙම පුද්ගලයන් හය දෙනාට එළඹෙන ජූලි මස 01 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසයි.​කෙසේ වුවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා, මෙම සිදුවීමට අදාළව සැකකරුවන් මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියට කැඳවීම සඳහා දැනට නොතීසි නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,190

Leave A Reply

Your email address will not be published. Required fields are marked *