අධිකරණ ක්ෂේත්‍රයේ පුරප්පාඩු 2,600 ඉක්මවයි

අධිකරණ ක්ෂේත්‍රය තුළ පවතින දැඩි සේවක හිඟය හේතුවෙන් මේ වන විට පුරප්පාඩු 2,600කට අධික සංඛ්‍යාවක් නිර්මාණය වී ඇති බව හෙළි වී තිබේ. පාර්ලිමේන්තුවේදී මෑතකදී රැස්වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අදාළ නිලධාරීන් විසින් මෙම තත්ත්වය අනාවරණය කරන ලදී. මෙලෙස විශාල පුරප්පාඩු ප්‍රමාණයක් ඇති වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ 2018 වසරෙන් පසුව මෙම ක්ෂේත්‍රය සඳහා නව සේවකයින් බඳවා ගැනීමේ කටයුතු නිසි පරිදි සිදු නොවීමයි.​මෙම සේවක පුරප්පාඩු හේතුවෙන් සමස්ත අධිකරණ පද්ධතියේ දෛනික පරිපාලන කටයුතු මෙන්ම නඩු විභාග කිරීමේ ක්‍රියාවලිය ද මන්දගාමී වීමේ අවදානමකට ලක්ව ඇති බව එහිදී පෙන්වා දී ඇත. පවතින බාධා මඟහරවා ගනිමින් අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව රැකගැනීම සඳහා මෙම පුරප්පාඩු කඩිනමින් පිරවීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,165

Leave A Reply

Your email address will not be published. Required fields are marked *