අන්තර්ජාල ඔට්ටු ඇල්ලීමේ ජාවාරම් සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වාගෙන් දැඩි අවවාද

රාජ්‍ය ලාංඡනය පවා අවභාවිත කරමින් අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන නීතිවිරෝධී කැසිනෝ සහ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථානවල ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) අවධානය යොමුව තිබේ. ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව ආවරණයන් අතරතුර මෙවැනි දැන්වීම් ප්‍රචාරණය වීම ගැටලු සහගත බව පෙන්වා දෙන එම කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා, ඒ සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය පළ කර ඇත.​මෙවැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම් ජනතාව, විශේෂයෙන්ම තරුණ පරපුර නොමඟ යවන බවත්, රජයේ ලාංඡනය යොදා ගනිමින් සිදු කෙරෙන මෙම ජාවාරම් සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන නිහඬව සිටීම පිළිගත නොහැකි බවත් හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි. මෙවැනි තත්ත්වයන් පාලනය කිරීම සඳහා වහාම විධිමත් පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.​මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලෙසත්, අදාළ නීතිවිරෝධී ප්‍රචාරණ වහා නතර කිරීමට පියවර ගන්නා ලෙසත් COPF මඟින් ශ්‍රී ලංකා විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු අදාළ රාජ්‍ය ආයතන වෙත විශේෂ උපදෙස් ලබා දී තිබේ. සිදුවීම සම්බන්ධයෙන් අදාළ ආයතනවලින් ඉදිරියේදී වැඩිදුර වාර්තා කැඳවීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,193

Leave A Reply

Your email address will not be published. Required fields are marked *