අම්බලන්ගොඩදී වෙඩි තැබීමේ තැත් කිරීමක් ව්‍යර්ථ වේ

අම්බලන්ගොඩ, කහව මංසන්ධිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමට උත්සාහ කර තිබේ. අද පස්වරුවේ මෙම සිදුවීම වාර්තා විය.​මාර්ගයේ ගමන් කරමින් සිටි අවස්ථාවේදී යතුරුපැදිකරුවන් තමන්ට ගිනි අවියක් එල්ල කළ බවත්, එම අවස්ථාවේදී තමා වහාම පලා ගිය බවත් ඉලක්කගත පුද්ගලයා පොලිසියට ප්‍රකාශ කර ඇත.​සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,342

Leave A Reply

Your email address will not be published. Required fields are marked *