මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවල පාසල් 13කට අද (21) දින නිවාඩු ලබා දී තිබේ. නුවරඑළිය කලාපයේ පාසල් 4ක් සහ හැටන් කලාපයේ පාසල් 9ක් මෙලෙස තාවකාලිකව වසා දමා ඇත.පවතින කාලගුණ තත්ත්වය මත පදනම්ව පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ අවසන් තීරණ ගැනීමේ බලය කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් විසින් විදුහල්පතිවරුන් වෙත පවරා තිබේ. කෙසේ වෙතත්, එම කලාපවල සෙසු සියලු පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව බලධාරීන් තහවුරු කර ඇත.



























