අයිස් මත්ද්‍රව්‍ය සමඟ හොරණ ප්‍රසිද්ධ උපකාරක පන්ති හිමිකරුවෙකු අත්අඩංගුවට

හොරණ නගරයේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික උපකාරක පන්ති ආයතනයක හිමිකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 250ක් සමඟ ඊයේ (26) හොරණ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නර්තනගල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මෙම සැකකරු හොරණ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු වන අතර, කොට්ඨාස බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව ඔහුගේ නිවස වැටලූ අවස්ථාවේදී පලායාමට තැත් කරද්දී කලිසම් සාක්කුවේ තිබී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.​අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ජාවාරමට යොදාගත් බවට සැකකෙරෙන ජංගම දුරකථනයක්, සිම්පතක් සහ මත්ද්‍රව්‍ය කිරා බලන ඉලෙක්ට්‍රොනික තරාදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ. මීට පෙරද මත්ද්‍රව්‍ය චෝදනාවලට ලක්ව ඇති මෙම සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි ප්‍රශ්න කිරීම් සිදුකිරීමට නියමිතය.​මෙම සැකකරු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ පවත්වන ලද සබඳතා, මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයකට ඇති සම්බන්ධතාවය මෙන්ම උපකාරක පන්තියට පැමිණෙන සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කළේද යන්න පිළිබඳව ද හොරණ පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,256

Leave A Reply

Your email address will not be published. Required fields are marked *