ඛනිජ තෙල් සංස්ථාව ජනපතිගෙන් හදිසි හමුවක් ඉල්ලයි

මැදපෙරදිග නොසන්සුන්තාව සහ රුසියා-යුක්රේන ගැටුම් හමුවේ ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් හටගෙන ඇති අවදානම පිළිබඳ සාකච්ඡා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් හදිසි හමුවක් ඉල්ලා සිටී. මේ මස මුලට සාපේක්ෂව ඩීසල් මිල 45%කින් සහ පෙට්‍රල් මිල 30%කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඇතැම් බොරතෙල් වර්ගවල මිල බැරලයක් ඩොලර් 110 සීමාවට ආසන්න වී ඇති බව එම සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කරයි.​සම්පූර්ණයෙන්ම ආනයනික ඉන්ධන මත යැපෙන ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය දැඩි බලපෑමක් එල්ල කරන අතර, පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ දේශීය ඉන්ධන පරිභෝජනය සීමා කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බව සභාපතිවරයා පෙන්වා දෙයි. පවතින මිල ගණන් යටතේ වෙළෙඳපොළට ඉන්ධන නිකුත් කිරීම අනෙකුත් සිල්ලර බෙදාහරින්නන්ට ද මහත් අභියෝගයක් වී ඇති බව උපුටා දක්වමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.​මීට අමතරව, පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලවිදුලි උත්පාදනය පහළ යෑම නිසා විදුලි බල පද්ධතිය වෙනුවෙන් දිනපතා වැඩි ඉන්ධන ධාරිතාවක් නිදහස් කිරීමට සිදුවීම දේශීය වශයෙන් මුහුණ දීමට සිදුව ඇති තවත් බරපතල අභියෝගයකි. මෙම තත්ත්වය හමුවේ ඉන්ධන අර්බුදයකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,256

Leave A Reply

Your email address will not be published. Required fields are marked *