අවිස්සාවේල්ල, ඉහළ තල්දූව ප්රදේශයේ ඊයේ (06) උදෑසන ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදු වූ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්රදේශයේම පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි.මරණකරු සහ අසල්වැසි නිවෙසක පදිංචි ඔහුගේම ඥාතියෙකු අතර ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති අතර, සැකකරු විසින් අතින්පයින් පහර දී මෙම අපරාධය සිදු කර ඇත. මේ සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසියට ලද පැමිණිල්ලක් මත වහා ක්රියාත්මක වූ නිලධාරීන්, 28 හැවිරිදි සැකකාර ඥාතියා මේ වන විට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදු කරයි.



























