අස්වැසුම කපා හැරි බවට පළවන වාර්තා අසත්‍යයි – ඇමති උපාලි පන්නිල

අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14 කගේ සහනාධාර අත්හිටුවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි. දැනට ප්‍රතිලාභ ලබන්නේ ලක්ෂ 12 කට ආසන්න පිරිසක් බැවින් ලක්ෂ 14 කගේ කපා හැර ඇති බවට වන ප්‍රකාශ ප්‍රායෝගික නොවන බව අනුරාධපුරයේ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.​නව සමාලෝචනයට අනුව පළමු අදියරේ ප්‍රතිලාභීන් 991,000 කගේ නාමලේඛනය ප්‍රකාශයට පත්කර ඇති අතර, එමගින් ප්‍රතිලාභීන් 2,000 ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරයි. දෙවන අදියරේ සිටින 215,000 කට ආසන්න පිරිසේ සමාලෝචනය ලබන වසරේදී සිදුකිරීමට නියමිත බැවින්, එතෙක් ඔවුන්ට ද අඛණ්ඩව ප්‍රතිලාභ හිමිවේ.​මීට අමතරව පළමු අදියර යටතේ තවත් 740,000 ක පිරිසක් සමාලෝචනය කිරීමට නියමිතව ඇත. එම නිසා ඉදිරියේදී ප්‍රතිලාභීන් සංඛ්‍යාව වැඩිවීමක් මිස අඩුවීමක් සිදුනොවන බවත්, නොමඟ යවන සුළු ප්‍රකාශවලට නොරැවටෙන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,402

Leave A Reply

Your email address will not be published. Required fields are marked *