අස්වැසුම ප්‍රතිලාභීන්ට සහ රාජ්‍ය සේවකයින්ට සහන මිලට සහල්

ජීවන වියදම ඉහළ යාම හමුවේ පවුල් ලක්ෂ ගණනකට සහනයක් සැලසීමේ අරමුණින්, අස්වැසුම ප්‍රතිලාභීන්ට සහ රාජ්‍ය සේවකයින්ට සහන මිලට සහල් ලබා දීමේ නව වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර තිබේ. රජයේ වී ගබඩාවල පවතින තොග සහල් බවට පත් කර ‘සතොස’ හරහා වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති අතර, එහිදී අස්වැසුම ප්‍රතිලාභීන්ට ප්‍රමුඛතාවය ලබා දීමට නියමිතය.​මෙම ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස, සෑම මාසයකම රාජ්‍ය සේවකයින් සඳහා ද සහල් කිලෝග්‍රෑම් 20ක ප්‍රමාණයක් වාරික වශයෙන් ලබා දීමට රජය තීරණය කර ඇත. මෙමගින් පාරිභෝගිකයින්ට තම දෛනික අවශ්‍යතා වඩාත් සහනදායී ලෙස සපුරා ගැනීමට අවස්ථාව උදාවන අතර, එදිනෙදා වියදම් කළමනාකරණය කර ගැනීමට මෙම සහනය මහඟු පිටුවහලක් වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,212

Leave A Reply

Your email address will not be published. Required fields are marked *