අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් වෙනුවෙන් පිරිනමනු ලබන මැයි මාසයට අදාළ දීමනා අද (29) දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.මෙම වැඩපිළිවෙළේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ වැඩිහිටියන් වෙනුවෙන් රුපියල් මිලියන 3,125කට අධික මුදලක් (රුපියල් තුන්සිය දොළොස් කෝටි පනස් හය ලක්ෂයක්) මෙලෙස මුදාහැර තිබේ. මීට සමගාමීව එහි දෙවන අදියර යටතේ හඳුනාගත් ප්‍රතිලාභී වැඩිහිටියන් 73,663 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 368කට වැඩි මුදලක් (රුපියල් තිස්හය කෝටි අසූ තුන් ලක්ෂ පහළොස් දහසක්) ගිණුම්ගත කර ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි.ඒ අනුව, අදාළ දීමනා ලාභී සියලුම වැඩිහිටියන්ට තමන්ගේ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් හරහා අද දින සිට මෙම මුදල් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.



























