අ.පො.ස උසස් පෙළ විභාගය කල් දැමීමේ පෙත්සම පිළිබඳ තීන්දුව 23 දා

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් විසින් ගොනු කර ඇති පෙත්සම අධිකරණය හමුවේ කැඳවනු ලැබීය. අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය එළඹෙන 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (16) දැනුම් දුන්නේය.​මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී, පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා විසින් කරුණු ඉදිරිපත් කරනු ලැබීය. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,239

Leave A Reply

Your email address will not be published. Required fields are marked *