කොළඹ විනෝදාස්වාද බදු පහළට

නව රජයේ වැඩපිළිවෙළ යටතේ කොළඹ නගරයේ ජනතාවට විනෝදාස්වාදය සහ සංස්කෘතික අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් විනෝද බද්ද සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. 2026 අයවැය මගින් කොළඹ මහ නගර සභාව වෙත ඉදිරිපත් වූ මෙම යෝජනාව පසුගියදා සම්මත වූ අතර, ඒ සඳහා අදාළ ගැසට් නිවේදනයද මේ වන විට නිකුත් කර ඇත. මෙම තීරණයත් සමඟ කොළඹ ක්‍රියාත්මක සියලුම විනෝද බදු කාණ්ඩවල බදු අනුපාත අඩු කිරීමට කටයුතු යොදා තිබේ.​මෙම සංශෝධනයේ ප්‍රධාන පියවරක් ලෙස දේශීය කලාකරුවන් දිරිගැන්වීම උදෙසා දේශීය ප්‍රසංග සඳහා අය කරන බද්ද 12% සිට 7% දක්වා පහත දමා ඇත. දේශීය කලා ක්ෂේත්‍රයට විශාල ශක්තියක් වන මෙම සහනය, කොළඹ නගරයේ සංස්කෘතික ජීවිතය නංවාලීමට දායක වනු ඇති බව බලධාරීන්ගේ විශ්වාසයයි.​මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ නගරාධිපතිවරිය සඳහන් කළේ, මෙම බදු සහනයේ සැබෑ වාසිය අවසාන වශයෙන් ජනතාව වෙතම ලැබිය යුතු බවයි. එබැවින් ප්‍රවේශපත්‍ර මිල ගණන් අඩු කරමින් ජනතාවට දැරිය හැකි මිලකට ගුණාත්මක විනෝදාස්වාද අත්දැකීම් ලබා දීමට කටයුතු කරන ලෙස ඇය සියලුම සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,239

Leave A Reply

Your email address will not be published. Required fields are marked *