ආචාර්ය නන්දා මාලනී වෙනුවෙන් ජාතික ශෝක කාලයක්

ප්‍රවීණ කලාශූරී ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ වියෝව වෙනුවෙන් ඉදිරි දින තුන (අගෝස්තු 21, 22 සහ 23) ජාතික ශෝක කාලයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකීය සංගීත ක්ෂේත්‍රයට ඇයගෙන් ඉටු වූ අනුපමේය සේවය අගයමින් මෙම තීරණය ගෙන ඇත.​මෙම ජාතික ශෝක දිනයන්ට අදාළ චාරිත්‍ර සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වන නිල දැනුම්දීම් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය හරහා නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,326

Leave A Reply

Your email address will not be published. Required fields are marked *