පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 9.30 ට කථානායක ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ. දිනපතා පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින්, පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22(1-6) හි සඳහන් කරුණු සඳහා වෙන් කර ඇත.​ඉන් අනතුරුව, පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය තුළ මන්ත්‍රීවරුන් යොමු කරන වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසීම සිදු කෙරේ. පෙරවරු 11.00 සිට 11.30 දක්වා වූ අර්ධ පැයක කාලය වෙන් කර ඇත්තේ ස්ථාවර නියෝග 27(2) යටතේ ඉදිරිපත් වන විශේෂ ප්‍රශ්න සාකච්ඡා කිරීමටය.​අද දින සභා වාරයේ ප්‍රධාන අංගය ලෙස, පෙරවරු 11.30 සිට සවස 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,325

Leave A Reply

Your email address will not be published. Required fields are marked *