ආනයනික ආලේපන හා පාවහන් වැටලීම්වලින් ව්‍යාපාරික ස්ථාන 84ක් මාට්ටු

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය අගෝස්තු 18 සහ 19 යන දිනවල දිවයින පුරා සිදු කරන ලද විශේෂ වැටලීම්වලදී ආනයනික ආලේපන සහ පාවහන් අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන 108ක් පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී භාණ්ඩ මිලදීගත් ආකාරය හෝ සැපයුම්කරු තහවුරු කිරීමට නිසි බිල්පත් හෝ ඉන්වොයිසි නොමැතිව ව්‍යාපාර පවත්වාගෙන ගිය ස්ථාන 84ක් නිලධාරීන් විසින් අනාවරණය කර ගන්නා ලදී.මෙම මෙහෙයුම්වලදී සම පැහැපත් කිරීමේ ආලේපන, විවිධ සුවඳ විලවුන්, ක්‍රීඩා පාවහන් ඇතුළු ආනයනික භාණ්ඩ රැසක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර, වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 1.5කට ආසන්න නීතිවිරෝධී හෝ සැකකටයුතු භාණ්ඩ තොගයක් නිලධාරීන් භාරයට ගෙන ඇත. අදාළ වෙළෙඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, මෙම භාණ්ඩ සැපයූ ජාලය හඳුනාගැනීම සඳහා ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.පාරිභෝගික අධිකාරියේ විධාන අංක 83ට අනුව, විකිණීම සඳහා තබා ඇති භාණ්ඩවල සැපයුම්කරුගේ විස්තර, මිලදීගත් මිල සහ දිනය ඇතුළු තොරතුරු ඇතුළත් නිසි ලේඛන ළඟ තබා ගැනීම අනිවාර්ය වේ. මේ වසරේ මේ දක්වා ආලේපන සහ දියර වර්ග සම්බන්ධයෙන් මෙგැනි වැටලීම් 785ක් පමණ සිදු කර ඇති අතර, පාරිභෝගික සුරක්ෂිතතාව වෙනුවෙන් ඉදිරියටත් මෙම වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 1,294

Leave A Reply

Your email address will not be published. Required fields are marked *