ශෂී වීරවංශට ඇප

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වී සිර දඬුවම් නියමව සිටි ශෂී වීරවංශ මහත්මිය පෙර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබේ. අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති අතර, ඇයද එම අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටියාය.​මීට පෙර 2022 වසරේදී ඇයට වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම වූ අතර, ඊට එරෙහිව ඇය ඉදිරිපත් කළ අභියාචනයක් මෑතකදී කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. කෙසේ වෙතත්, මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත්, එය ලබන මස කරුණු දැක්වීම සඳහා කැඳවා ඇති බවත් විත්තිකාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.​ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇයට ඇති නීතිමය අයිතිය සලකා බලමින්, ඒ පිළිබඳව අධිකරණයට දැනුම්දීමට යටත්ව ඇය පෙර ඇප මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේය. අදාළ නඩුව යළිත් සැප්තැම්බර් 27 වැනි දින කැඳවීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,294

Leave A Reply

Your email address will not be published. Required fields are marked *