ඇප කොන්දේසි කඩවීමෙන් චරිත් අබේසිංහ යළි බන්ධනාගාරයට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘හරක් කටා’ගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12 ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි නීතිඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (28) පෙරවරුවේ ඇප නියම කරනු ලැබීය.​කෙසේ වෙතත්, නීතිඥ රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු නියමිත ඇප කොන්දේසි සපුරාලීම නිසා මුදාහැරුණද, චරිත් අබේසිංහ අදාළ කොන්දේසි තෘප්තිමත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව යළි බන්ධනාගාරය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,258

Leave A Reply

Your email address will not be published. Required fields are marked *