විදේශීය විශ්වවිද්‍යල ශිෂ්‍යත්ව දීමනා සංශෝධනයට කැබිනට් අනුමැතිය

විදේශීය විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි හැදෑරීම සඳහා උසස් පෙළ ඉහළම ප්‍රතිඵල ලැබූ සිසුන්ට රජය මඟින් ක්‍රියාත්මක කරන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මූල්‍ය ප්‍රතිපාදන සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2025 අයවැය යෝජනාවක් මත ක්‍රියාත්මක මෙම යෝජනා ක්‍රමය යටතේ එක් සිසුවෙකුට සිව් වසරක කාලය සඳහා උපරිම රුපියල් මිලියන 80 ක මුදලක් ලබා දීමට නියමිතය. ඒ අනුව 2024 උසස් පෙළ ප්‍රතිඵල මත සිසුන් 32 දෙනෙකු තෝරාගෙන ඇති අතර, මේ වන විට ඔවුන්ගෙන් නවදෙනෙකු විදෙස්ගත වී අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇත.​ප්‍රධාන විදේශීය මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන්, සිසුන්ට විදේශයන්හිදී ගෙවිය යුතු ඇතැම් ගෙවීම් සඳහා මුල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව අනාවරණය වී තිබේ. ඉතිරි සිසුන්ද විදේශගත වීමට සූදානම් වන පසුබිමක, මෙම මූල්‍ය දුෂ්කරතාවන්ට විසඳුම් ලබා දීම අත්‍යවශ්‍ය වී ඇත.​ඒ අනුව, විනිමය අනුපාතිකය ස්ථාවර වන තෙක් එක් ශිෂ්‍යයෙකුට වසරකට රුපියල් මිලියන 2.5 ක අමතර විනිමය අනුපාතික ගැලපුම් දීමනාවක් ලබා දීමට අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,259

Leave A Reply

Your email address will not be published. Required fields are marked *