ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට සුදුසු වායුගෝලීය පසුබිමක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නවතම අනාවැකිවලට අනුව, දහවල් කාලයෙන් පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැක.ඒ අනූව පස්වරු 2.00 න් පමණ පසු උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම මෙන්ම සබරගමුව පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයටත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මෙහිදී ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි පතිත වීමේ හැකියාවක්ද පවතියි.මීට අමතරව, බස්නාහිර සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද වැසි වාර කිහිපයක් වාර්තා විය හැකි බව කාලගුණ අංශ පෙන්වා දෙයි.


























