ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

දින තුනක නිල සංචාරයක් සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද (08) ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ අනුව, අද දින සිට 2026 සැප්තැම්බර් 10 වන දින දක්වා ඔහු ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත අතර, මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමයි. සංචාරය අතරතුර, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනකු හමුවීමට නියමිතව ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පසුගිය වසරේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් තබන ලද ඉන්දීය-ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කිරීමද මෙම සංචාරයට ඇතුළත් වීමට අපේක්ෂා කෙරේ. වසර 38කට පසු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර, රාජ්නාත් සිංගේ සංචාරය හේතුවෙන් කොළඹ රථවාහන අංශය විසින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ සංචාරය අතරතුර ඔහු විවිධ ස්ථාන වෙත ගමන් කරන අවස්ථාවලදී කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක විවිධ වේලාවන්හිදී රථවාහන සීමා පැනවෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,321

Leave A Reply

Your email address will not be published. Required fields are marked *