ඉන්දීය උප ජනාධිපතිගේ ලංකා ගමන වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

ඉන්දීය උප ජනාධිපති සී.පී රාධක්‍රිෂ්ණන් මහතාගේ නිල සංචාරය වෙනුවෙන් හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ කොළඹ සහ ඒ අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබේ. ඒ අනුව හෙට උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට පැමිණෙන උප ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කොළඹ බලා ගමන් ගන්නා කාලය තුළ ප්‍රධාන මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත.​මෙම සංචාරයට අදාළව කටුනායක අධිවේගී මාර්ගය, ඔරුගොඩවත්ත, බේස්ලයින් පාර, බොරැල්ල හන්දිය සහ හෝර්ටන් පෙදෙස හරහා නෙළුම් පොකුණ වටරවුම දක්වා මාර්ගය භාවිත කෙරේ. අනතුරුව ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම සහ ගාලු පාර ඔස්සේ ගාලු මුවදොර වටරවුම හරහා ටාජ් සමුද්‍රා හෝටලය දක්වා එම රථ පෙළ ගමන් කිරීමට නියමිතය.​අදාළ කාලසීමාවන් තුළ මහජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන් කොළඹ නගරයට ඇතුළු වන සහ පිටවන වාහන සඳහා නම් කරන ලද විකල්ප මාර්ග කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ගමනාගමන ප්‍රමාදයන් මඟහරවා ගත හැකි බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,101

Leave A Reply

Your email address will not be published. Required fields are marked *