ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවූ ප්‍රබල දේශපාලඥයා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

මෙම හමුව ඊයේ (22) පස්වරුවේ විජේරාම නිල නිවසේදී පැවැත් වුණා.

එහිදී ඔවුන් සුහද පිළිසඳරක යෙදෙමින් දේශපාලනික හා පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බව වාර්තා වෙන්නේ.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමීපතම අසල්වැසි රාජ්‍යන් ලෙසින් දෙරට අතර පවතින, අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය ගෞරවයෙන් සිහිපත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,141

Leave A Reply

Your email address will not be published. Required fields are marked *