නෝටන්බ්රිජ් ප්රදේශයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් විමලසුරේන්ද්ර ජලාශය වාන් දැමීමට පටන් ගෙන ඇත. ජලාශයේ වාන් ජලය කැලණි ගඟට එක්වන කෙසෙල්ගමු ඔයට ගලා බැසීම නිසා එම ඔයේ ජල මට්ටම ද සීඝ්රයෙන් ඉහළ යමින් පවතී.මේ හේතුවෙන් ගංගා සහ ඔයවල් ආශ්රිත පහත්බිම්වල ජීවත්වන ජනතාව ජල මට්ටම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අදාළ බලධාරීන් ලබාදෙන උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙසත් දැනුම් දෙනු ලැබේ.



























