මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ නිසා ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලට සමගාමීව සිදුකෙරෙන අත්‍යවශ්‍ය ජලනළ විතැන් කිරීමේ නඩත්තු පියවරක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව අද (11) පස්වරු 7.00 සිට හෙට (12) පෙරවරු 7.00 දක්වා පැය 12ක කාලයක් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වීමට නියමිතය.​මෙම සැපයුම් අත්හිටුවීම මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට අයත් ග්‍රාම සේවා වසම් කිහිපයකට සෘජුවම බලපානු ඇත. ඒ අනුව මහර ප්‍රාදේශීය සභාවට අයත් ඇල්දෙණිය, ගෝනහේන, වෑබඩ, සූරිය පාළුව සහ උඩුපිළ යන කලාපවලට මෙන්ම, ගම්පහ ප්‍රාදේශීය සභාවට අයත් පරකන්දෙණිය, කොස්සින්න, ඇබරළුව, ඉඹුල්ගොඩ සහ යාගොඩ යන ගම්මානවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන තිබේ.​මෙම නඩත්තු කටයුත්ත හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව ජලසම්පාදන මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටින අතර, පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් ජලය කලින් රැස්කර තබාගන්නා ලෙස දන්වා සිටියි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු හෝ ගැටලු පවතී නම් 1939 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විමසීම් කළ හැක.

What's your reaction?

Related Posts

1 of 1,183

Leave A Reply

Your email address will not be published. Required fields are marked *