උග්‍ර වියළි කාලගුණය නිසා මොණරාගල කිරිගව පාලනය දැඩි අර්බුදයක

මොණරාගල දිස්ත්‍රික්කයට මේ දිනවල දැඩි ලෙස බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ කිරිගව පාලනය දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ. ප්‍රදේශයේ කුඩා වැව් සහ ජල මූලාශ්‍ර සම්පූර්ණයෙන්ම සිඳී යාම නිසා ගවයින්ට පානීය ජලය ලබා ගැනීමට නොහැකි වී අසරණ තත්ත්වයක් උද්ගත වී ඇත.​ජල හිඟයට විසඳුමක් ලෙස ගව හිමිකරුවන් වැව් මැද විශාල වලවල් කපා ජලය සෙවීමට උත්සාහ කළද, මේ වන විට එම වලවල් ද සම්පූර්ණයෙන්ම වියළී ගොස් ඇත.​මේ නිසා සතුන්ගේ පිපාසය සංසිඳුවා ගැනීමට ක්‍රමයක් නොමැති වීමෙන් කිරිගවයින්ගේ ජීවිත දැඩි අවදානමකට සහ අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,304

Leave A Reply

Your email address will not be published. Required fields are marked *