උසස් අධිකරණවල විනිසුරු පුරප්පාඩු පිරවීමට නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට පවතින විනිසුරු පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. අධිකරණ පද්ධතියේ පවතින මෙම පුරප්පාඩු හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් අවම කරගැනීම සඳහා මෙම පත්වීම් කඩිනම් කිරීම අත්‍යවශ්‍ය බව එම සංගමය පෙන්වා දෙයි.​මෙම ලිපිය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු 4 බැගින් පිරවීමේ දැඩි අවශ්‍යතාව අවධාරණය කර ඇත. විශේෂයෙන්ම, 2025 ජුනි 20 වැනිදා විනිසුරු ගාමිණී අමරසේකර මහතා විශ්‍රාම ලැබීමත් සමඟ ශ්‍රේෂ්ඨාධිකරණයේ පළමු පුරප්පාඩුව නිර්මාණය වූ බවත්, එතැන් සිට මේ දක්වා එම තනතුරු පුරප්පාඩුව පැවතීම පිළිබඳවත් නීතිඥ සංගමය එහිදී සිහිපත් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,270

Leave A Reply

Your email address will not be published. Required fields are marked *