කුරුඳු අපනයන ආදායම සහ මිල ඉහළ යයි

ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තය මේ වසරේ සුවිශේෂී ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින අතර, පසුගිය මැයි මාසයේදී මෙරට ඉතිහාසයේ ඉහළම කුරුඳු මිල වාර්තා කිරීමට සමත් වී තිබේ. කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුව, වෙළෙඳපොළේ ඉහළම ඉල්ලුමක් පවතින ඇල්බා (Alba) වර්ගයේ කුරුඳු කිලෝග්‍රෑමයක මිල රුපියල් 7,000ක ඓතිහාසික මට්ටමකට ළඟා වී ඇත.​මෙම වසර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300ක අපනයන ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දාර මහතා ප්‍රකාශ කළේය. පසුගිය 2025 වසරේදී ද මෙරට කුරුඳු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන හරහා රුපියල් බිලියන 80කට ආසන්න (ඇමරිකානු ඩොලර් මිලියන 260ක් පමණ) සර්වකාලීන වාර්තාගත වාර්ෂික ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබුණි.​එම සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, මේ වසරේ මුල් මාස පහ තුළ මෙරට කුරුඳු අපනයන ආදායම පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව රුපියල් මිලියන 27ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,230

Leave A Reply

Your email address will not be published. Required fields are marked *