මෙවර උසස් පෙළ විභාගය කල් දැමිය යුතු බවට ඉල්ලමින් මේ සතිය තුළ අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, විභාගය සඳහා සිසුන්ට ප්‍රමාණවත් කාලයක් ලබා නොදීම තුළින් ඔවුන්ගේ අනාගතය සම්බන්ධයෙන් අසාධාරණයක් සිදුවන බවයි.සාමාන්‍යයෙන් විභාගය සඳහා මාස 24ක කාලයක් සිසුන්ට හිමිවුවද, මෙවර පළමු වරට පෙනී සිටින සිසුන්ට ලැබී ඇත්තේ මාස 21කටත් අඩු කාලයකි. මීට අමතරව, දෙවන හෝ තුන්වන වරට විභාගයට මුහුණ දෙන සිසුන්ට දින 178ක් හෝ 198ක් වැනි කාලයක් ලැබී තිබියදී, මෙවර සිසුන්ට හිමිව ඇත්තේ දින 133ක් පමණක් බව පෙන්වා දෙමින් ඔහු මෙම කාලසීමාවේ පවතින අසමතුලිතතාවය අවධාරණය කළේය.විභාගය කල් නොදමන බවට රජය ගෙන ඇති තීරණය සිසුන්ගේ බලාපොරොත්තු බිඳ දමන අසංවේදී ක්‍රියාවක් බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටී. සිසුන්ගේ අයිතිවාසිකම් සහ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම නෛතික මැදිහත්වීම සිදු කරන බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



























