එංගලන්තයේ ළමුන්ට ADHD සහ ඔටිසම් අධික ලෙස රෝග විනිශ්චය කිරීමේ අවදානමක්

එංගලන්තයේ ළමුන් සහ තරුණයන් අතර ADHD (අවධානය පවත්වා ගැනීමේ අපහසුතාව) සහ ඔටිසම් තත්ත්වයන් අධික ලෙස හඳුනාගැනීමේ ප්‍රවණතාවක් පවතින බව රජයේ නිල සමාලෝචනයකින් හෙළි වී තිබේ. පසුගිය වසර 25 ක කාලය තුළ මෙවැනි රෝග විනිශ්චයන් ඉහළ ගොස් ඇති අතර, එමගින් දරුවන්ගේ සැබෑ හැකියාවන් යටපත්වීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති.​ජාතික සෞඛ්‍ය සේවය (NHS) වෙනුවෙන් සේවය සපයන පෞද්ගලික ආයතන මගින් සිදුවන මෙවැනි පරික්ෂාවන් සහ ඒවා ප්‍රචාරය කිරීම් සම්බන්ධයෙන් දැඩි නියාමනයක් අවශ්‍ය බව අදාළ වාර්තාවෙන් නිර්දේශ කර ඇත. එසේම, අනවශ්‍ය ලෙස රෝග ලේබල් ඇලවීම වැළැක්වීම සඳහා අදාළ ආයතනවල ප්‍රචාරණ කටයුතු තහනම් කළ යුතු බවට ද යෝජනා වී තිබේ.​දරුවන් සීමා සහිත වටපිටාවකට කොටු කිරීම වෙනුවට, ඔවුන්ගේ මානසික සෞඛ්‍යය නංවාලීමට ගුණාත්මක සහ විධිමත් සේවාවක් සපයාදීමේ වැදගත්කම මෙමගින් අවධාරණය කෙරේ. නියාමනය කරන ලද සෞඛ්‍ය පද්ධතියක් තුළින් පමණක් දරුවන්ට නිසි මගපෙන්වීමක් ලබාදිය හැකි බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *