එළඹෙන එංගලන්ත සංචාරය සඳහා එක්දින සහ විස්සයි විස්ස තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකා සංචිත නිවේදනය කර තිබේ. ඒ අනුව මෙම සංචාරයේදී දෙරට අතර විස්සයි විස්ස සහ එක්දින තරග තුන බැඟින් පැවැත්වීමට නියමිත අතර, සංචිතය සැප්තැම්බර් 05 වැනිදා එංගලන්තය බලා පිටත්ව යාමට සූදානමින් සිටියි.මෙම තරගාවලිය සඳහා නම් කර ඇති එක්දින සහ විස්සයි විස්ස යන කණ්ඩායම් දෙකෙහිම නායකත්වයේ වගකම කුසල් මෙන්ඩිස් වෙත පැවරී ඇති අතර, උපනායකයා ලෙස චරිත් අසලංක කටයුතු කරනු ඇත. පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක සහ වනිඳු හසරංග වැනි ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින්ගෙන් සමන්විත ප්‍රබල සංචිතයක් මෙවර ක්‍රියාත්මක වේ.එක්දින සංචිතය සඳහා කමිල් මිෂාර, ජනිත් ලියනගේ, පවන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ ඇතුළු ක්‍රීඩකයින් රැසක් ඇතුළත් කර තිබේ. මීට අමතරව, විස්සයි විස්ස සංචිතය වෙනුවෙන් ලහිරු උදාර, තරිඳු රත්නායක, නුවන් තුෂාර සහ බිනුර ප්‍රනාන්දු ද කණ්ඩායමට කැඳවා ඇති අතර, වේගපන්දු බලඇණිය ශක්තිමත් කිරීම සඳහා දුෂ්මන්ත චමීර, එෂාන් මාලිංග සහ අසිත ප්‍රනාන්දු ද සංචිතයට ඇතුළත්ය.


























