​එට්නා ගිනිකන්ද සක්‍රිය වෙයි – කටානියා ගුවන්තොටුපළ වසා දැමීම දීර්ඝ කෙරේ

ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි එට්නා (Mount Etna) ගිනිකන්ද සක්‍රිය වීමත් සමග පිටවන අධික අළු හේතුවෙන් කටානියා ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවීම අගෝස්තු 15 වන සෙනසුරාදා අලුයම 2.00 දක්වා (GMT 0000) දීර්ඝ කර ඇත. ගුවන්තොටුපළ මෙහෙයුම් භාර SAC ආයතනය තහවුරු කරන්නේ මෙම තත්ත්වය හමුවේ අදාළ කාලය දක්වා ප්‍රධාන ගුවන්තොටුපළ වෙත පැමිණෙන සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි.​ගිනිකඳු පිපිරීම හේතුවෙන් පසුගිය සතිය පුරාවට ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කිරීමට හෝ වෙනත් ගුවන්තොටුපළවල් වෙත යොමු කිරීමට සිදුවිය. උච්චතම ගිම්හාන නිවාඩු සමය තුළ මෙලෙස සීමාවන් පැනවීම නිසා දහස් සංඛ්‍යාත මගීන් පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර, සිසිලි දූපතේ පිහිටි අනෙකුත් ගුවන්තොටුපළවල් සඳහා ද මෙයින් දැඩි බලපෑමක් එල්ල වී තිබේ.​මේ හේතුවෙන් තමන්ගේ ගුවන් ගමන්වල වත්මන් තත්ත්වය පිළිබඳව පූර්ව පරීක්ෂාවකින් පසුව පමණක් ගුවන්තොටුපළ වෙත පැමිණෙන ලෙස අදාළ බලධාරීන් විසින් මගී ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

What's your reaction?

Related Posts

1 of 884

Leave A Reply

Your email address will not be published. Required fields are marked *