එරාන්ගේ පත්වීමෙන් මාලිමාවේ ‘වැඩ්ඩෝ’ නැති බව තහවුරුයි – මුජිබර් රහුමාන්

​ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති ධුරයට එරාන් වික්‍රමරත්න මහතා පත් කිරීම හරහා වර්තමාන රජය බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිබර් රහ්මාන් මහතා පවසයි. ජාතික ජන බලවේගය තුළ මෙවැනි වගකිවයුතු තනතුරක් දැරීමට තරම් දක්ෂ හෝ සුදුසු පුද්ගලයන් නොමැති බව ආණ්ඩුව විසින්ම මේ හරහා වක්‍රව පිළිගෙන ඇති බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. සුදුසු කාර්යයට සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමේදී රජයට අවසානයේ විපක්ෂයේ සිටින දක්ෂයන්ගේ සහාය පැතීමට සිදුවීම මගින් සමගි ජන බලවේගය සතු මානව සම්පතේ ගුණාත්මකභාවය මැනවින් පෙන්නුම් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.​වික්‍රමරත්න මහතාගේ පත්වීම සාධාරණීකරණය කරමින් මූජිබර් රහ්මාන් මහතා පෙන්වා දුන්නේ ඔහු කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු ලෙස මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාරික ක්ෂේත්‍රය පිළිබඳ හසළ දැනුමක් ඇති අයෙකු බවයි. මෙවැනි දක්ෂයන් තම කණ්ඩායම සතු බව රජය පවා තහවුරු කර තිබීම දේශපාලන වශයෙන් ඉතා වැදගත් සන්ධිස්ථානයක් බව හෙතෙම පෙන්වා දුන්නේය. රටේ වැදගත් තනතුරු සඳහා පත් කිරීමට තමන් සන්තකයේ පිරිසක් නොමැති කම හේතුවෙන් රජය අසරණ වී ඇති බවත්, මාලිමාවට වඩා දක්ෂ පිරිසක් සිටින්නේ තමන් සමඟ බව රජය විසින්ම සහතික කර ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,121

Leave A Reply

Your email address will not be published. Required fields are marked *