කටුගස්තොට, කුඩුගල ප්‍රදේශයේ පිහිටි රථවාහන අමතර කොටස් අලෙවිසැලක අද (04) අලුයම 5.30 ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා මහනුවර සහ මාතලේ ගිනි නිවීමේ ඒකකවල රථ වහා ක්‍රියාත්මක විය.ගින්න හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස මහනුවර – යාපනය A9 ප්‍රධාන මාර්ගයේ කුඩුගල ප්‍රදේශයෙන් ගමනාගමන කටයුතු පැයකට ආසන්න කාලයක් අත්හිටුවීමට පොලීසිය පියවර ගත්තේය.මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කටුගස්තොට පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.



























