කටුගස්තොට ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන හදිසි හා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.ඒ අනුව, හෙට (ඔක්තෝබර් 06) පෙරවරු 9.00 සිට ඔක්තෝබර් 08 වනදා පෙරවරු 9.00 දක්වා කාලය තුළ උඩුවාවල, රජපිහිල්ල සහ ගෝනිගොඩ යන ප්‍රදේශවලට මෙලෙස ජලය සැපයීම සම්පූර්ණයෙන්ම ඇනහිටිනු ඇත.මෙම තත්ත්වය මත පාරිභෝගිකයින්ට මුහුණදීමට සිදුවන අපහසුතා පිළිබඳව ජල මණ්ඩලය සිය කණගාටුව ප්‍රකාශ කර සිටින අතර, අදාළ කාල සීමාව තුළ ජලය ඉතා අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.



























