දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක්

දිවයිනේ පළාත් කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. අද (ඔක්තෝබර් 05) පෙරවරු 11.00ට නිකුත් කර ඇති මෙම අවවාදාත්මක නිවේදනය හෙට (06) අලුයම 1.00 දක්වා වලංගු වේ.​ඒ අනුව, වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව වාර්තා වේ.​ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළංද ඇති විය හැකි බැවින්, අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *