කටුනායකදී කොකේන් ගුලි තොගයක් සමඟ උගන්ඩා ජාතිකයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය ගුලි උදරයේ සඟවාගෙන මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයන් අයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 43ක් වන මෙම සැකකරු වෘත්තියෙන් ගොවියකු වන අතර, ඔහු උගන්ඩාවේ එන්ටබේ නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා හරහා කටුනායකට ළඟා වී ඇත.​උගන්ඩාවේ සිට කොකේන් ගුලි 90ක් පමණ ගිල දමා පැමිණ ඇති මොහු, කටාර් ගුවන් සේවයට අයත් QR-664 දරන යානයෙන් ඊයේ (13) උදෑසන කටුනායකට පැමිණීමෙන් පසු දහවල් වන තුරු ගුවන් තොටුපොළේ පළමු මහලේ රැඳී සිට තිබේ. ලැබුණු රහසිගත බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ නිලධාරීන් සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු විසින් ගිල දමා තිබූ කොකේන් ගුලි 13ක් ගුවන් තොටුපොළ තුළදීම පිටතට දමා ඇත.​ඉතිරි කොකේන් ගුලි තොගය ශරීරයෙන් ඉවත් කර ගැනීම සඳහා ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරු මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. මේ වන විට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 1,330

Leave A Reply

Your email address will not be published. Required fields are marked *