කටුනායක ගුවන්තොටුපොළේදී රුපියල් මිලියන 4.95ක විදේශීය සිගරට් තොගයක් සමඟ මැලේසියානු ජාතිකයෙක් අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රුපියල් මිලියන 4.95ක වටිනාකමකින් යුත් නීතිවිරෝධී විදේශීය සිගරට් තොගයක් රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ මැලේසියානු ජාතිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රියදුරෙකු ලෙස සේවය කරන 42 හැවිරිදි සැකකරු කුවලාම්පූර් සිට පැමිණ ඇති අතර, ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී චීනයේ නිෂ්පාදිත විවිධ වර්ගයේ සිගරට් 33,000ක් අඩංගු කාටන් 165ක් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සහ සීඩාරක කරන ලද සිගරට් තොගය අද දින මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,249

Leave A Reply

Your email address will not be published. Required fields are marked *