කඩුවෙල සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයේ වාර්ෂික මහා දිය කැපීමේ පෙරහර හෙට (16) උදේ 6 සිට දහවල් 2 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතය. දේවාලයෙන් ආරම්භ වන මෙම පෙරහර, අවිස්සාවේල්ල – කොළඹ මාර්ගය (143) ඔස්සේ රාජසිංහ පාලම හරහා බණ්ඩාරවත්ත සහ බියගම ප්‍රදේශ වෙත ගමන් කර, දිය කැපීමේ චාරිත්‍රවලින් අනතුරුව යළිත් එම මාර්ගයෙන්ම දේවාලය වෙත ළඟා වීමට නියමිතව ඇත.පෙරහර ගමන් ගන්නා කාල සීමාව තුළ එම ප්‍රදේශයේ ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කිරීම සඳහා පොලිසිය විසින් විශේෂ විකල්ප මාර්ග පද්ධතියක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, 143 මාර්ගයේ වෙලේ හන්දිය අසලින් ගමනාගමනය සීමා කරන අවස්ථාවලදී රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස දන්වා ඇත.මෙහිදී 697 බස් මාර්ගයේ පට්ටියවත්ත හරහා 177 කඩුවෙල – කොල්ලුපිටිය බස් මාර්ගයට පිවිස, මාලඹේ දෙසට ඇති රාජසිංහ මාවත ඔස්සේ යළි 143 ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වී ගමන් කිරීමට පහසුකම් සලසා දී තිබේ. ප්‍රදේශයේ ගමනාගමනය සිදුකරන සියලුම රියැදුරන්ගෙන් සහ මහජනතාවගෙන් මෙම තාවකාලික සංචාරක සැලැස්ම සාර්ථක කර ගැනීමට සහයෝගය අපේක්ෂා කෙරේ.



























