සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයේ වාර්ෂික මහා පෙරහැරේ දිය කැපීමේ මංගල්‍යය වෙනුවෙන් අද (16) දින කඩුවෙල ප්‍රදේශය තුළ විශේෂ රථවාහන සැකැස්මක් ක්‍රියාත්මක කර තිබේ. දේවාලයෙන් අරඹන පෙරහැර අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය (143) ඔස්සේ කඩුවෙල රාජසිංහ පාලම හරහා බණ්ඩාරවත්ත සහ බියගම දෙසට ගමන් කර, චාරිත්‍ර අවසන් වීමෙන් පසු යළි එම මාර්ගයෙන්ම දේවාලය වෙත පැමිණීමට නියමිතය.පෙරහැර ගමන් ගන්නා අවස්ථාවලදී ඇති විය හැකි වාහන තදබදය පාලනය කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.ඒ අනුව, අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයේ වෙලේ හන්දිය අසලින් ගමනාගමනය සීමා කරන විට, 697 බස් මාර්ගයේ පට්ටියවත්ත මාර්ගය ඔස්සේ 177 කොල්ලුපිටිය බස් මාර්ගයට පිවිස, මාලබේ දෙසට ඇති රාජසිංහ මාවත හරහා යළි ප්‍රධාන මාර්ගයට පැමිණ ගමන් කළ හැක.



























