දිවයින පුරා ක්‍රියාත්මක වන පෞද්ගලික රෝහල්, වෛද්‍ය රසායනාගාර සහ ඖෂධ අලෙවිසැල් ඉලක්ක කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විශේෂ වැටලීම් මාලාවක් සිදු කර තිබේ. මෙම මෙහෙයුමේදී භාවිතයට නුසුදුසු, කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ තොග සන්තකයේ තබාගත් ආයතන 23ක් හඳුනා ගැනීමට නිලධාරීන්ට හැකි වී ඇත.ඒ අනුව අදාළ නීති කඩකිරීම් සම්බන්ධයෙන් එම ආයතන 23 කට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් අධිකරණය හමුවේ නිල වශයෙන් නඩු පවරා ඇත. නඩුවලින් අනාවරුණු වූ කරුණු සලකා බැලූ අධිකරණය විසින් එම වැරදිවලට සම්බන්ධ ආයතන සඳහා සමස්තයක් ලෙස රුපියල් 5,798,000 ක දඩ මුදලක් නියම කර තිබේ.මෙම වැටලීම් මෙයින් අවසන් නොවන බවත්, ඉදිරියේදී සිදුකළ විමර්ශනවලදී නීති විරෝධී ලෙස කල් ඉකුත් වූ ද්‍රව්‍ය භාවිත කළ බවට තහවුරු වන සෙසු ආයතනවලට එරෙහිවද දැඩි නීතිමය පියවර ගන්නා බව එම අධිකාරිය වැඩිදුරටත් නිවේදනය කර ඇත.























