ගෝඨාභය රාජපක්ෂගේ රිට් පෙත්සම අගෝස්තු 03 දක්වා කල් යයි

පාස්කු ඉරුදින ප්‍රහාරයේ පරීක්ෂණවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.​පෙත්සම විමර්ශනයට ලක් වූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් අදාළ නඩුවට අදාළ වැදගත් පිළිතුරු දේශන අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලදී.​ඉන් අනතුරුව නඩුවට අදාළ ඉදිරි දේශන සහ වැඩිදුර කරුණු දැක්වීම් අගෝස්තු මස 03 වන දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නියෝග කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,250

Leave A Reply

Your email address will not be published. Required fields are marked *