ක්‍රීඩක රුමේෂ් තරංගගේ හානි වූ හෙල්ල කට්ටලය වෙනුවට අලුතින් හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා ඇමතිගෙන් පියවරක්

ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාව දිනූ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ ප්‍රධාන හෙල්ල කට්ටලය ගුවන් ගමනකදී සම්පූර්ණයෙන්ම හානියට පත්ව තිබේ. ස්විට්සර්ලන්තයේ සහ බුඩාපේස්ට්හි පැවති තරගවලදී මීටර් අනූව ඉක්මවූ දුරක් වාර්තා කරමින් විශිෂ්ට දස්කම් දැක්වූ හෙල්ලද මීට අයත් වන අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහු කටුනායක ගුවන් තොටුපොළ හරහා අදාළ ගුවන් සේවය වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.මෙම පුවත සැලවීමත් සමඟ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මේ පිළිබඳව වහාම අවධානය යොමු කර තිබේ. ඒ අනුව, ක්‍රීඩකයාට සිදුවූ අඩුව පිරවීම සඳහා කඩිනමින් නව හෙල්ල කට්ටලයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් තහවුරු කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,332

Leave A Reply

Your email address will not be published. Required fields are marked *