ශානි සහ රවීගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරුන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.​විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව කරන ලද පැමිණිල්ලක් මත රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ට එරෙහිව විමර්ශන ආරම්භ කර තිබිණි. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.​අදාළ පැමිණිල්ල දේශපාලනික අරමුණු මුල් කරගත් ද්වේෂසහගත ක්‍රියාවක් බවත්, ඒ මත පදනම්ව විමර්ශන ආරම්භ කිරීම මඟින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තිදෙනෙකු පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කර ඇති බවත් අධිකරණය තීන්දු කළේය.​මෙම තීන්දුවට අනුව, පැමිණිල්ල ඉදිරිපත් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් එක් පෙත්සම්කරුවකුට රුපියල් 50,000 බැගින්ද, විමර්ශන සිදුකළ එවක ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසින් රුපියල් 10,000 බැගින්ද රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ට වන්දි ගෙවිය යුතු වේ.

What's your reaction?

Related Posts

1 of 1,332

Leave A Reply

Your email address will not be published. Required fields are marked *