කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ට ජනපති අවසන් ගෞරව දක්වයි

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) දහවල් අවසන් ගෞරව දක්වා තිබේ.​මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා, උන්වහන්සේගේ ශ්‍රී දේහයට ගෞරව දැක්වීමෙන් අනතුරුව අපවත්වීමෙන් ශෝකයට පත් සංඝරත්නය වෙත සහ විහාරස්ථ දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,415

Leave A Reply

Your email address will not be published. Required fields are marked *