කොළඹ පාසල් ආපන ශාලා සඳහා නව ආහාර ප්‍රතිපත්තියක්

කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ පිහිටි පාසල්වල ආපනශාලා සඳහා වන නව ආහාර හා පරිසර ප්‍රතිපත්තිය අද (03) දින නිල වශයෙන් එළිදක්වන ලදී. කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩපිළිවෙළ ආරම්භ වූ අතර, වසරක් පුරා සිදුකළ සැලසුම් සහ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙය ක්‍රියාවට නංවා ඇත. සිසුන්ට සෞඛ්‍ය සම්පන්න සහ ගුණාත්මක ආහාර වේලක් තහවුරු කිරීම වෙනුවෙන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව නගරාධිපතිනිය මෙහිදී අවධාරණය කළාය.​මෙම නව ප්‍රතිපත්තිය කොළඹ මහනගර සභා සීමාවට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 6ක පිහිටි පාසල් 141ක් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වේ. පාසල් දරුවන් අතර පෝෂණ ගුණය ඉහළ නැංවීම සහ ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂිත භාවය උපරිමයෙන් රැකගැනීම මෙමඟින් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කෙරේ.​මෙම අවස්ථාවට එක් වූ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය පෙන්වා දුන්නේ අධික ලුණු, සීනි සහ තෙල් අඩංගු ආහාර මෙන්ම කෘත්‍රිම බීම වර්ගවලට දරුවන් ඇබ්බැහි වීම හේතුවෙන් ඔවුන් කුඩා අවදියේදීම බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් පවතින බවයි. එම නිසා මෙම නව ආහාර ප්‍රතිපත්තිය හරහා දරුවන් එවැනි අවදානම්වලින් මුදවා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,219

Leave A Reply

Your email address will not be published. Required fields are marked *