කෑගල්ලේදී වාහන 7ක් ගැටී දරුණු අනතුරක්: අයෙක් මරුට, 10කට තුවාල

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ, කෑගල්ල ප්‍රදේශයේදී අද (22) සිදුවූ බහු වාහන ගැටුමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බස් රථයක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් ඇතුළු වාහන 7ක් එකිනෙක ගැටීමෙන් මෙම බරපතළ රිය අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.​අනතුර හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන් ක්ෂණිකව කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. මෙම අනතුරට හේතුව සහ සිද්ධියට සම්බන්ධ කරුණු පිළිබඳව වරකාපොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 1,233

Leave A Reply

Your email address will not be published. Required fields are marked *