කිරින්දේදී සැඩපහරට හසුවූ සිසුන් පිරිසක් බේරාගනී: ගුරුවරයා ජීවිතක්ෂයට

මොණරාගල ප්‍රදේශයේ පාසලක දසවන වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් අධ්‍යාපන චාරිකාවක් අතරතුර කිරින්ද මුහුදු වෙරළේ දිය නෑමට ගොස් තිබේ. එම අවස්ථාවේදී ඇති වූ ප්‍රබල සැඩපහරකට ගුරුවරයෙකු සහ සිසුන් පස්දෙනෙකු ගසාගෙන ගොස් ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔවුන් සියලු දෙනා බේරාගෙන ගොඩබිමට රැගෙනවිත් ඇත.​කෙසේ වෙතත්, බේරාගත් පිරිස අතරින් දැඩි ලෙස ශ්වසනාබාධයට ලක්ව සිටි ගුරුවරයා කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගත්තද, එහිදී ඔහු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි. අනතුරට පත් සිසුන් පස්දෙනා කිසිදු අනතුරක් නොමැතිව නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිව තිබේ.​ජීවිතාරක්ෂක නිලධාරීන් පවසන පරිදි, එම මුහුදු තීරයේ පවතින දැඩි අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් එහි දිය නෑමෙන් වළකින ලෙසට මෙම පිරිස වෙත කලින්ම අනතුරු ඇඟවීම් ද සිදුකර තිබුණි.

What's your reaction?

Related Posts

1 of 1,160

Leave A Reply

Your email address will not be published. Required fields are marked *