පාර්ලිමේන්තුව අද (09) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබේ. උදෑසන කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සහ ස්ථාවර නියෝග යටතේ වන ප්රශ්න සඳහා වෙන් කර ඇත.අද දින පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පෞද්ගලික මන්ත්රීවරයන්ගේ යෝජනා විවාදයට ගැනීමට නියමිතය. අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වේ.


























