කෙහෙළිය ඇතුළු පිරිසගේ විභාගය දෙසැම්බර් 19ට

2015 ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් රුපියල් 990,000ක මුදලක් වැය කරමින් GI බට 600ක් දේශපාලන කටයුතු සඳහා මිලදී ගැනීමෙන් රජයට පාඩුවක් සිදුකළ බවට වන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 19 වනදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ අද (05) මෙම නඩුව කැඳවනු ලැබීය.​අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා ඇති අතර, එවකට ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහි ප්‍රධාන විත්තිකරු වේ. ඊට අමතරව රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරුන් ද මෙහි සසුන් විත්තිකරුවන් ලෙස නම් කර ඇත.​අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු හා තර්ක සලකා බලමින්, ඉදිරි සාක්ෂි විභාගය සඳහා නඩුව දෙසැම්බර් 19 වනදා නැවත කැඳවීමට විනිසුරුවරයා තීරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,409

Leave A Reply

Your email address will not be published. Required fields are marked *